Thursday, March 10, 2011

වර්ගවාදයේ සංස්කෘතික දුගීබව සහ හැකර්වරු


කලු ජූලිය - රාලලාගේ හා අප්පුලාගේ ආනන්දනීය ෆැන්ටසිය
දර්ශනය - 154 කිරිබත්ගොඩ-අගුලාන බස් රථය 
උදෑසන/ පිටත

බස් රිය ජනයාගෙන් පිරී ඉතිරී ගිය එකක්.මිනිස්සු ඉද ගැනීමට ඉඩක් නැතිව එකිනෙකා මත හැපෙමින් තෙරපෙමින් ඉන්නවා.තෙරපෙමින් ඉන්නා මිනිසුන් අතර හිටගෙන සිටින තරුන කාන්තාවකගේ සමීප රූපයක් වෙත කැමරාව ඡේදනය වෙනවා.

කාන්තාව කලබලයෙන් වටපිට බලමිනුයි සිටින්නේ.ඇගේ මුහුනෙහි අපහසුතාවයකින් පෙලීමේ ලකුනු දිස් වෙනවා.ඇය අසීරුතාවයෙන් යුතුව එහෙ මෙහෙ වෙනවා.ඉක්බිති ඇය පසුපස සිටිමින් ඇය වෙත නැඹුරු වී සිටින පිරිමියා වෙත කැමරාව චලනය වෙනවා.

ගන උඩු රැවුලක් සහිත පිරිමියාගේ මුවග සිනහවක්.ආස්වාදජනක සිනාව මුවග රදවා ගනිමින් හෙතෙම දිගින් දිගටම ගැහැනියගේ සිරුර පසුපස ඇතිල්ලෙනවා.

ගැහැනිය - ( අසල සිටින තරමක මැදිවියේ ස්ත්‍රියක් දෙස බලා කැඩුනු සිංහලෙන්) "අක්කා....උදවුවක් කරනවද?"

මැදිවියේ ස්ත්‍රිය ඇය දෙස බලනවා.

ගැහැනිය -(මැදිවියේ ස්ත්‍රියට)  "පොඩ්ඩකට...එහා‍ට වෙන්න පුලුවන්ද?"

මැදිවියේ ස්ත්‍රිය මදක් පසෙකට වනවා.ඒ සමග තමා පසුපසින් සිටින පුද්ගලයාගේ ග්‍රහනයෙන් ගැලවෙනු පිනිස තරුන කාන්තාව මදක් එහාට වෙනවා.ඇය එහාට වනවාත් සමග පුරුෂයාත් ඇය සමග ඇතිල්ලෙමින් ඇදී ඒමට ඒමට වැර දරන ආකාරය දකින්න පුලුවන්.දාඩිය නැගුනු,අසීරුතාවයට හා අඩක් බයට පත්වූ කලු ශීර්ෂාවරනයක් සහිත තරුන ගැහැනියගේ මුහුනේ සමීප දර්ශනයක් හසුකර ගනිමින් කැමරාව නතර වෙනවා.

***

සිංහල පිරිමියෙකු විසින් මුස්ලිම් තරුන ගැහැනියකට ජැක් ගැසීමක් පිලිබදව ලියුම්කරු මීට දින කිහිපයකට පෙර අගනගරයේ බස් රථයකදී අත්දුටු සත්‍ය සිදුවීමක් මේ ලිපිය සදහා වටිනා ප්‍රවේශයක් යැයි ලියුම්කරු කල්පනා කරනවා.සිංහල බ්ලොග් අවකාශය ඇසුරු කරන්නන්ට විවිධ කාලවල් වලදී විවිධ රැලි එම අවකාශය තුලට පැමිනෙනු දැකීම අරුමයක් නෙමෙයි.බෞද්ධ සහ ඉස්ලාම් ආගම් වල සුජාතභාවය ප්‍රශ්න කිරීම පිලිබදව මතු වූ ආගමිකවාදී රැල්ල පසුගිය කාලයේ පැන නැගි මෙවැනි එක් ප්‍රවනතාවයක්.

මේ අනුව ඉස්ලාම් ආගමේ "හෙලුව" හෙලිදරවු කිරීම සදහා පෙරමුනේ රාලගේ අටුවාව යන හිසින් බ්ලොග් අඩවියක් ආරම්භ වූ අතර කුරානයේ විවිධ පාඨ විවේචනය කිරීමේ සිට නබිනායක තුමාගේ විහිලු රූප සෑදීමේ තරග පැවැත්වීම දක්වා විවිධ ක්‍රියාකාරකම් එහි අන්තර්ගත වුනා.ඉස්ලාම් ආගමිකයන් වනාහි ත්‍රස්තවාදීන් පිරිසකි යන අදහස මෙම අඩවිය හරහා ප්‍රවර්ධනය කෙරුනා.එම ආගමික ත්‍රස්තවාදීන් සමූලඝාතනය කිරීම සදහා "කලු ජූලි" නිර්මානය කිරීමට ක්‍රියා කල යුතු යැයි පාරම් බාන තැනට මේවායේ අදහස් දැක්වූවන් ගමන්  කලා.සමස්තයක් විදිහට මෙම අදහස් වල පැවතුනේ හම්බයන් හා කොනකපාලයන් යනාදී වචන සහිත ද්වේශ සහගත බැන අඩ ගැසීමේ අඩංගුවක්.

මීට ප්‍රතිචාර ලෙස ඉස්ලාමීය ප්‍රතිචාර ලෙස හැදින්විය හැකි ප්‍රතිචාර කිහිපයකුත් දැක ගැනීමට අවස්ථාව ලැබුනා.බුදුන්ගේ මව ගනිකාවක් යනාදී මහා "සොයාගැනීම්" සහිත කුනු රසය එවැනි බ්ලොග් වලත් අන්තර්ගතය විදිහට පැවතුනා.සිංහල භාෂිත මුස්ලිම් ජනගහනය යනු සමස්ථ මුස්ලිම් ජනගහනයෙන් සුලු ප්‍රතිශතයක් නිසා සිංහල බ්ලොග් අවකාශය තුල සිංහල/ඉස්ලාම් අඩවි සදහා වැඩි නැඹුරුවක් නොතිබීම තේරුම් ගත හැක්කක්.පෙරමුනේ රාල වර්ගයේ ප්‍රකාශන වලට රිටර්නයන් සැපයීම සදහා සම්පාදනය වූ ඉස්ලාමීය සිංහල බ්ලොග් සුලු ප්‍රමානය කෙසේ වෙතත් ඉහත කී විදිහේම ජුගුප්සාජනක ප්‍රකාශයන්ගෙන් පිරී තිබුනා.

එකිනෙකට හාත්පසින් ප්‍රතිවිරෝධී යැයි පෙනෙන වර්ගවාදයන්ගේ ලක්ෂනය නම් මේවා මතුපිටින් බැලූවිට එකිනෙකට සතුරු යැයි පෙනෙන්නට තිබුනත් සැබැවින්ම එක වර්ගවාදයක් විසින් අනෙක පෝෂනය කිරීමේ ස්වභාවයක් පැවතීම.නිදසුනක් ලෙස ලංකාවේ ඉතිහාසය පිලිබද සිංහලවාදී දෘෂ්ටියකින් කියවන අයෙක්ට දෙමලාට එරෙහිව නැගිය හැකි අරන්තලාවේ භික්ෂු ඝාතනය,පිටකොටුවේ බස් බෝම්බ,මායිම් ගම්මාන වල සමූලඝාතනයන් වැනි චෝදනා ලැයිස්තුවක් තිබෙනවා.අනෙත් අතට ඉතිහාසය දෙමලවාදී දෘෂ්ටියකින් කියවන්නාට ඊටම අදාලව නැගිය හැකි කලු ජූලිය,මානව හිමිකම් පාගා දැමීම්,හමුදා විසින් නිරායුද සිවිල් වැසියන් මරා දැමීම වැනි චෝදනා ලැයිස්තුවක් ලියා ගන්න පුලුවන්.මේ දෙපාර්ශවයම අමතක කරන කාරනය නම් ඉහත සිදුවීම් එකිනෙකෙන් වියුක්ත ඒවා නොව එකිනෙක සමග ගැටගැසී තිබෙන අන්තර් සබදතාවයක් සහිත සිදුවීම් බව.එනම් යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිදුවීම අමතක කරලා 1983 හමුදා සෙබලු 13 දෙනෙකු ඝාතනය වීම ගැන කතාකිරීම අතාර්කිකයි.කලු ජූලිය අමතක කරල පිටකොටුවේ බෝම්බය පිලිබද කතා කිරීමත්,මායිම් ගම්මාන වල සිංහලයන් ඝාතනය කිරීම අමතක කරලා උතුරේ මානව හිමිකම් උල්ලංඝන වීම පිලිබද කතා කිරීමත් එලෙසින්ම අතාර්කිකයි.

සරලවම කිවහොත් පෙරමුනේ රාල හා ශ්‍රී සංඝබෝධි එකම කාසියේ දෙපැත්තයි.එකෙකු පවතින්නේ අනෙකා නිසා.එකෙකුගේ හඩු ප්‍රකාශ අනෙකාටත් එවැනිම හඩු ප්‍රකාශ කිරීමටත්,ඒවා සාධාරනීකරනය කිරීමටත් අවකාශය සපයනවා.අවසානයේ මෙවැනි හඩු සංවාදයන් අනන්තය දක්වා දිග්ගැස්සෙන,අමිහිරි හා අප්‍රසන්න ක්‍රියාවලියක් බවට පත්වෙනවා.

සිංහල බෞද්ධත්වය ගැන යමෙක් අවංකව කම්පා වන්නේ නම් ඔහු විසින් කල යුත්තේ කුමක්ද?මෙම ලියුම්කරුට අනුව බෞද්ධ දර්ශනයේ ආචාර ධර්ම හෝ වටිනාකම් පිලිබද සංවාදයක් සමාජගත කරනවා නම්/සමාජගත කිරීමට උත්සාහ ගන්නවා නම් එය ඒ සම්බන්ධ අව්‍යාජ ප්‍රවේශයක් ලෙස සැලකිය හැකියි.නමුත් ඒ වෙනුවට සිංහල බෞද්ධත්වයේ නාමයෙන් සිදුවෙමින් තිබෙන්නේ සෙසු ආගමිකයන් කැති ගා දැමීම සදහා කෙරෙන ලුම්පන් ගර්ජනාවන්.මෙම ලුම්පන් ගර්ජනා සැබෑ බුදුදහමේ මූලික අදහස් සමග කිසිදු තර්කයකින් ගැලපිය නොහැකියි.අප ජීවත් වන්නේ ඩෙනිම් කලිසමින් සිරුරේ හැඩය මතුවෙන ආකාරයට හදින  ගැහැනුන්ගේ සිට ෆර්දාවෙන් සැරසී සිටින මුස්ලිම් ගැහැනිය දක්වා ඕනෑම ස්ත්‍රී ශරීරයකට ජැක් ගැසීමට බලා සිටින වර්ගයේ විකෘති මිනිසුන් බිහිව තිබෙන සමාජයක.බස් රථවල් වල ගැහැනුන්ට ජැක් ගසන්නේ වෙනත් අන් තැනෙක සංස්කෘතියේ වටිනාකම ගැන පාරම් බාන සිංහල බෞද්ධයාමයි.තමන්ගේම ප්‍රජාවේ පවතින මේ දෙබිඩිකම වැනි දුර් ලක්ෂන ප්‍රශ්න කිරීම සදහා බෞද්ධ දර්ශනයේම එන ආචාර ධර්ම පිලිබද කතිකාව යොදාගන්නවා නම් මුස්ලිමුන් කැති ගෑම සදහා කෙරෙන දහසක් ලිපි වලට වඩා එය පිරිසිදු හා ඉදිරිගාමී ක්‍රියාවක් වනු ඇති.

මෙම කරුන එලෙසින්ම සුලු ආගමික අන්තවාදීන්ටත් අදාල වෙනවා.බුදුන්ගේ මව ගනිකාවක්ද නැද්ද යන්න ගැන කම්පා වනවාට වඩා තමන්ගේම ප්‍රජාව තුල ගුහාගත කොට තිබෙන වෙනත් මවුවරුන් ඇතුලු ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් පිලිබද සංවාදයක් පාදා ගත හැකි නම් එවැන්නක් එම ප්‍රජාවේ මෙන්ම පොදු සමාජයේත් වර්ධනයට උදවුවක් කරගත හැකියි.

නමුත් ධනේශ්වර කවන්ධයක් සහ අර්ධ වැඩවසම් ඔලුවක් සහිත මෙබදු හඩු වර්ගවාදීන්ගෙන් එවැනි බුද්ධිමය මැදිහත්වීමක් අපේක්ෂා කල නොහැකියි.එවැන්නවුන්ගෙන් බ්ලොග් අවකාශය තුලදී පවා අපේක්ෂා කල හැක්කේ දුගද හමන මඩ ගසා ගැනීම් සහ බ්ලොග් අඩවි හැක් කිරීම් වැනි තුට්ටු දෙකේ ක්‍රියාවන් පමනයි.

මෙම සටහන සදහා ආසන්නතම හේතුව සපයනු ලැබුවේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය හැක් වීම පිලිබද ප්‍රවෘත්තියයි.එම හැක් වීම බ්ලොග් අවකාශයේ ආගමික අන්තවාදීන්ගේ සංස්කෘතික දිලිදුකම නැමැති සන්දර්භය තුල වටහා ගත යුත්තක් බව මෙම ලියුම්කරු විශ්වාස කරනවා.ටැබූ සබ්ජෙක්ට්ස් යනු මෙම ලියුම්කරුට අනුව පර්මාදර්ශී අයිකනයක් නොවෙයි.ඔහුගේ/ඇයගේ භාවිතය සීමාවන් ගනනාවකට යටත් වූ ප්‍රශ්න සහගත භාවිතයක්.
ඒ සියලු සීමාවන් තුල පවා එම බ්ලොග් අඩවිය පසුගිය වසර කිහිපය පුරාම වර්ගවාදය හා ආගමික නන් දෙඩවීම් වලට එරෙහි දෘඩ හා අවිචල ස්ථාවරයක් රදවා ගනු ලැබුවා.කවර සීමාවන් පැවතියත් මෙම දෘඩ ස්ථාවරය සැලකීමේදී ටැබූ සබ්ජෙක්ට්ස්ගේ මධ්‍යම පංතික ධනේශ්වර වන්දනාව පෙරමුනේගේ/සංඝබෝධිගේ අර්ධ වැඩවසම් මනෝවිකාරයන් හා සැසදීමේදී අතිශය ඉදිරිගාමීයි.මෙම සටහනින් අදාල බ්ලොග් අඩවිය සහ පිස්සාගේ පලාමල්ල අඩවිය හැක් කිරීම පිලිබද තදබල අප්‍රසාදය ප්‍රකාශ කෙරෙන අතර තම හීනමානී ෆැන්ටසියට විරුද්ධ සියල්ලන් අවජාතකයන් ලෙස දකින නාසිවාදී ව්‍යාපෘතියට එරෙහි එක්සත්භාවයක් සදහා සියලුම බ්ලොග් සහෘදයන් වෙත ආයාචනා කිරීමක් අවසන් වශයෙන් සිදු කරනු ලබනවා.

15 comments:

  1. [[එකිනෙකට හාත්පසින් ප්‍රතිවිරෝධී යැයි පෙනෙන වර්ගවාදයන්ගේ ලක්ෂනය නම් මේවා මතුපිටින් බැලූවිට එකිනෙකට සතුරු යැයි පෙනෙන්නට තිබුනත් සැබැවින්ම එක වර්ගවාදයක් විසින් අනෙක පෝෂනය කිරීමේ ස්වභාවයක් පැවතීම.]]

    සහතික ඇත්ත.

    රාමා, මේ දෙපාර්ශ්වය නිකම් පාතාලයින් වගේ ගහ ගන්නේ. අපිට දුන්න එකට ඉඳා තොපිට එකක් වගේ.

    සති දෙකකට කලින් මා මේ අය දුටුවේ ජාතිකවාදීන් හැටියට. මා මේ අඩවී වලට නිතර ගොඩ වැදුනේ නැහැ. ඒත් දැන් ලියු දේවල් දැක්කම හිතෙන්නේ අමු ජාතිවාදයක් කියල. [ඇත්තෙන්ම ඔය දෙක අතරේ මහා පැහැදිලි ඉරක් නැහැ]

    මෙහෙම කිව්වට ඉස්ලාම් ආගමික ඉගැන්වීම් ගැන මගේ දැඩි විරෝධයක් තියෙනවා. ආගමික නිදහස යටතේ කරන ඕන දෙයක් බාර ගන්න බැහැ. ඒත් එක අදහන මිනිසුන්ට බනින එක නොවෙයි කල යුතු. ආගමික නිදහසට වැහිලා කෙරෙන අසාධාරණයන් ගැන කතා කරන එක මිස එකෙන් තැලෙන මිනිසුන් ව කොටු මස් කිරීම නොවෙයි කල යුතු.

    හොඳ ලිපියක්.

    ReplyDelete
  2. අවිස්සාවෙල්ලේ ගංජා සුජිත් මෙසේ කියයි.
    හැක් කරන්නාට ප්‍රේම කරන්න......!!!

    ReplyDelete
  3. මේ කතාව කියන්න ගිහින් කට්ටිය අමනාප වෙයි ද දන්නේ නැහැ.එහෙත් වෙච්ච දේ ගැන පුද්ගලිකව වොරි වෙච්ච මනුස්සයින්ට, කතාවේ සියලු පැති දැන ගන්න සාධාරණ අයිතියක් තියෙනවා.

    පැරා ගේ මේ පෝස්ටයේ හිරු මල්ලි කියන කොමෙන්ට් කරුවා දැමු කොමෙන්ටුව ටැබූ ට බරපතල චෝදනා එල්ල කරන්නක්.

    මේක ඇත්ත කියා හිතාගෙන නොවෙයි මෙහි දැම්මේ. ඇත්ත නොවුනොත් මිනිහෙකුට බොරු බව කියා ගන්න සාධාරණ ඉඩකඩක් තිබිය යුතු නිසයි.

    ReplyDelete
  4. සිංහලයාMarch 11, 2011 at 9:38 AM

    අනේ පව් සිත්තිමනී. අපරාදෙ ජැක. පු* ඇරියනම් තව ආතල්.

    ReplyDelete
  5. Peramune Rala is copying the formats from TAMILNET.TV site. it seems that there is a similar objectives behind him or them on Islamic minority. .

    ReplyDelete
  6. @ Sujeewa Kokawala,
    ඔබේ (පළමු) කමෙන්ට් එක සමඟ එකඟයි. (පළමු වරටද මන්දා...:D)

    ඒ වගේම අගනා ලිපියක් රාමා.

    ReplyDelete
  7. blog athule yana sanwade wargawadi thenakata ei kiyala mama kawadawath hithuwe ne. eth wargawadiwa liyala athe gahanna anuboothi ganna belaheenayoth innawa kiyana ekata dukai rama

    ReplyDelete
  8. beyondframe.wordpress.comහැක් කරලා 13march2011
    99wadura.blogspot.com

    ReplyDelete
  9. බෙයෝන්ඩ් ෆ්රාමේ හැක් කෙරෙඉ!
    http://99wadura.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete
  10. @චර්මි;

    කොච්චර දෙයක්ද එකකට වත් එකඟ වීම. නැත්නම් මගේ අහිංසක බ්ලොග් එක හැක් වෙන්න ඉඩ තිබ්බා ඔ‍බේ [නමින් ඔබේ බ්ලොග් එක ලියන එකා] අතින්. දැන් අවුලක් නැහැ. හිකිස්‌.

    ReplyDelete
  11. ranaberaya said...

    blog athule yana sanwade wargawadi thenakata ei kiyala mama kawadawath hithuwe ne. eth wargawadiwa liyala athe gahanna anuboothi ganna belaheenayoth innawa kiyana ekata dukai rama

    ////////////////////

    අතේ ගහන එක වැරදිද ? අන්ඥාතරරා අත කෝ ....ස්වාමිනි අත කෙලියේ .....

    ReplyDelete
  12. "බස් රථවල් වල ගැහැනුන්ට ජැක් ගසන්නේ වෙනත් අන් තැනෙක සංස්කෘතියේ වටිනාකම ගැන පාරම් බාන සිංහල බෞද්ධයාමයි"

    හැමදේට ඔබ සි0හල බවුද්දයාට පහර ගැසීම කර ඇත. මාක්ස්වාදියාට ඇති ගැටලුව බහුතර සි0හල බවුද්දයාව කිච කිරීමය. ඒ සදහා දෙමලා හා මරක්කලයාගේ පැත්තගෙන සි0හල බවුද්දයාට පහරදේ. මුස්ලිම් ජාතිකයින් විසින් පාලනය කරන ව්‍යාපාරවල සේවය කරන සි0හල තරුනියන්ට ඔවුන් කරන ලි0ගික බලහත්කාරකම් නොදනීද? මහා පරිමාන රෙදි සාප්පුවල සේවය කරන සි0හල තරුනියන් රවටා ලි0ගික බලහත්කාරකම් නොපෙනේද? කියනවනම් ඕන තරම දේවල් ඇත. ඔබගේ ගැටලුව සි0හල බවුද්දයාය. ඒය බාවන තුරු ඔබට නිවනක් නැති බවනම් පෙනේ.

    ReplyDelete
    Replies
    1. සරලවම කිවහොත් පෙරමුනේ රාල හා ශ්‍රී සංඝබෝධි එකම කාසියේ දෙපැත්තයි.එකෙකු පවතින්නේ අනෙකා නිසා.එකෙකුගේ හඩු ප්‍රකාශ අනෙකාටත් එවැනිම හඩු ප්‍රකාශ කිරීමටත්,ඒවා සාධාරනීකරනය කිරීමටත් අවකාශය සපයනවා.අවසානයේ මෙවැනි හඩු සංවාදයන් අනන්තය දක්වා දිග්ගැස්සෙන,අමිහිරි හා අප්‍රසන්න ක්‍රියාවලියක් බවට පත්වෙනවා.

      Delete
  13. @ Anonymous

    //හැමදේට ඔබ සි0හල බවුද්දයාට පහර ගැසීම කර ඇත. මාක්ස්වාදියාට ඇති ගැටලුව බහුතර සි0හල බවුද්දයාව කිච කිරීමය//

    ඔබ වරදවා තේරුම් ගෙන තිබෙන නිසා පැහැදිලි කිරීමක් කල යුතු යැයි සිතමි.සිංහල බෞද්ධයාට පහර දීමේ කිසිදු උවමනාවක් මට නැත.සිංහල බෞද්ධයා‍ගේ අනන්‍යතාවයට මම ගරු කරමි.සිංහල බෞද්ධයාගේ සංස්කෘතිය හෝ ඔහුගේ භාෂාවට - වෙනත් ඕනෑම අනන්‍යතාවයකට මෙන් - අදාල වූ ගෞරවයක් මා තුල පවතී.නමුත් ඒ අනන්‍යතාවය ලෝකයේ තිබෙන අනේක විධ අනන්‍යතා මෙන් තවත් එක අනන්‍යතාවයක් බව මම සිතමි.එය වෙනත් අනන්‍යතාවලට වඩා උත්තරීතර හෝ ශ්‍රේෂ්ඨ එකක් ලෙස මම නොසිතමි.වෙනත් අනන්‍යතාවකට ( උදා - ලංකාවේ දී දෙමල ) වඩා එය ශ්‍රේෂ්ඨ නිසා අනිත් අනන්‍යතා ඒ අනන්‍යතාවය අභිමුව දන ගැසිය යුතු යැයි කීම මට අනුව විකාරයකි.අපි විරුද්ධ වෙන්නේ සිංහල බෞද්ධයාට නොව සිංහල බෞදධ අනන්‍යතාවය රටේ එකම හෝ පරම බලධාරී අනන්‍යතාවය විය යුතු යැයි කියමින් ඒ අනන්‍යතාවය සමස්තය මත බලෙන් පැටවීමට උත්සාහ කරන වර්ගවාදයටයි.එම වර්ගවාදය සමග සිංහල සංස්කෘතියටවත් බුදුන්ගේ දර්ශනයටවත් ඇති මොනම හෝ සම්බන්ධයක් නැත.

    ReplyDelete
  14. [ඔබ වරදවා තේරුම් ගෙන තිබෙන නිසා පැහැදිලි කිරීමක් කල යුතු යැයි සිතමි.සිංහල බෞද්ධයාට පහර දීමේ කිසිදු උවමනාවක් මට නැත.]

    පල පල බොරා! තොට ඕනේ ඕකම තමයි. දෙමළට උඹ බැන්න තැනක් පෙන්නපන්කෝ

    ReplyDelete